ජපානයේ නාවික ප්‍රදේශයට අනවසරයෙන් ඇතුල් වූ රුසියානු යුද නෞකා


ජපාන යුධ සීමාවට රුසියානු නෞකා ඇතුළු වෙයි

.

ජපානය තම භූමිය ආසන්නයේ සිදුවන රුසියාවේ සහ චීනයේ මිලිටරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සීරුවෙන් සිටින මොහාතක මේ සතිය තුළදී පමණක් ටෝකියෝවට දකුණින් පිහිටි Izu දූපත් අසලින් රුසියානු යුද නැව් හතක් ගමන් කළ බවට නිරීක්ෂනය වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සිකුරාදා නිවේදනය කළේය. 

 

පැසිෆික් සාගරයේ Hokkaido දූපතට ඔබ්බෙන් දකුණු දෙසට යාත්‍රා කළ මෙම නෞකා බ්‍රහස්පතින්දා සිට සිකුරාදා දක්වා Izu දූපත් වල ජනාවාස නොවූ දූපත් අසල මුහුදේ දක්නට ලැබී තිබූ අතර පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට එම ප්‍රදේශය තුළ රුසියානු යුද නැවක් යාත්‍රා කළ පළමු අවස්ථාව ලෙස එය සැලකේ. 

 

ඒකාබද්ධ කාර්ය මණ්ඩලය වාර්තා වලට අනුව, සමුද්‍ර ස්වයං ආරක්ෂක බලකායේ යාත්‍රා සහ මුර සංචාර ගුවන් යානා විසින් රුසියානු යුද නැව්වල චලනයන් නිරීක්ෂණය කිරිමේ මෙහෙයුම් වලට දායක වී තිබේ.

137 Views

Comments