හිටපු වෘත්තීය බේස්බෝල් පිතිකරුවෙක් ජීවිතක්ෂයට


අද(11) ටෝකියෝ හි Seijo හි හිටපු වෘත්තීය බේස්බෝල් ක්‍රීඩක Choji Murata ගින්නකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

.

අද(11) අලුයම 3:15 ට පමණ ටෝකියෝ හි Seijo හි හිටපු වෘත්තීය බේස්බෝල් ක්‍රීඩක Choji Murata ඔහුගේ නිවසේ දෙවන මහලේ ඇතිවූ ගින්නකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඔහු 72 වන වියේ පසුවුණා.

ගින්නෙන් පසු බරපතල තුවාල ලැබූ ඔහු රෝහලට ගෙන ගිය පසු මරණයට පත්වී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

149 Views

Comments