Riken පරීක්ෂණය මගින් 'Missing Link' ජීවියාගේ වසර 132 අභිරහස විසඳයි


අභිරහස් ජීවියාගේ කතාව ජපාන පර්යේෂක කණ්ඩායමක් මගින් විසඳයි

.

ස්කොට්ලන්තයේ වසර මිලියන 390 ක් පැරණි ස්ථරයකින් සොයාගත් අද්භූත ජීවියෙකුගේ පොසිල කොටස් මගින්  සත්ත්වයා මත්ස්‍යයන් සහ උභයජීවීන් අතර “අතුරුදහන් වූ සම්බන්ධයක්” ලෙස ජපානයේදී පර්යේෂණ කණ්ඩායමක් විසින් හඳුනාගෙන තිබේ. 

 

වසර 130 කට පෙරදී ප්‍රථම වරට සොයා ගත් Palaeospondylus එනම් "පැරණි පෘෂ්ඨවංශී" සත්ත්වයා ගොඩබිම් පෘෂ්ඨවංශීන්ගේ ආදී කාලීන මුතුන්මිත්තෙකු විය හැකි බවට Riken පර්යේෂණ ආයතනයේ සහ අනෙකුත් ආයතනවල විද්‍යාඥයෝ අදහස් පළ කර ඇත. 

 

දිගින් සෙන්ටිමීටර 5 ක් පමණ වන මෙම Palaeospondylus වර්ධනය වූ කොන්දක් ඇති කුඩා මාළුවෙකු මෙන් වුවත් දත්, හිඟ Pectoral සහ ශ්‍රෝණි වරල් දැකිය නොහැකි වේ. 1890 දී Devonian යුගයට අයත් විලකින් සත්වයාගේ පළමු පොසිලය සොයා ගත් අතර එහි ත්‍රිමාණ විශ්ලේෂණ කටයුතු සදහා Hyogo ප්‍රාන්තයේ SPring-8 Synchrotron විකිරණ පහසුකම පර්යේෂකයන් විසින් භාවිතා කර තිබේ. 

 

"අතිශයින්ම අසාමාන්‍ය හැඩය නිසා වසර 132 ක් තිස්සේ නොදන්නා ජීවියෙකුගේ අභිරහස අපට විසඳා ගත හැකි විය " යනුවෙන් Riken හි ආගන්තුක පර්යේෂකයෙකු ලෙස සේවය කරන Tokyo විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Tatsuya Hirasawa පැවසීය. කණ්ඩායමේ නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු ජනතාවට දැක බලා ගැනීමට හැකි වන පරිදි බ්‍රිතාන්‍ය විද්‍යාත්මක සඟරාව වන Nature හි මාර්ගගත සංස්කරණයේ (https://www.nature.com/articles/s41586-022-04781-3) ප්‍රකාශයට පත් කරන ලදී.

85 Views

Comments