ආරාධිත ලැයිස්තුවේ වේගවත් ප්‍රවණතාවයක් ලබමින් සිටින OSAKA Expo 2025


Osaka Expo 2025 සඳහා කටයුතු කඩිනමින් සූදානම් වේ

.

"අපේ ජීවිතය සඳහා අනාගත සමාජය සැලසුම් කිරීම" යන කේන්ද්‍රීය තේමාව යටතේ එළැඹෙන 2025 වසරේ අප්‍රේල් 13 දින සිට ඔක්තෝබර් 13 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙන OSAKA Expo 2025 ආරම්භක උත්සවයට තව දින දහසක් පමණක් ඉතිරිව ඇති බැවින් එය සනිටුහන් කිරීම නිමිත්තෙන් බටහිර ජපානයේ Osaka ප්‍රාන්ත නගරයේදී පසුගියදා අති උත්කර්ෂවත් සමරු උත්සවයක් සංවිධානය කර තිබිණි. 

 

එහිදී ගෝලීය ප්‍රදර්ශනයට අයත් Expo හි නිල චරිතයේ අන්වර්ථ නාමය "Myaku-Myaku" ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, එදින වනවිට සමස්ථ රටවල් සහ කලාප 130 ක් ප්‍රදර්ශනය සදහා තම සහභාගීත්වය තහවුරු කර තිබූ නමුත් ජාත්‍යන්තර සංවිධාන 25 ක මෙන්ම සමස්ථ රටවල් සහ කලාප 150 ක සහභාගීත්වය ලබා ගැනීම ජපාන රජයේ අරමුණ ලෙස දක්වා තිබේ . 

 

බ්‍රහස්පතින්දා පැවති ජාතික ආණ්ඩුකාරවරුන්ගේ සංගමයේ මාර්ගගත රැස්වීමකදී, World Expo 2025 භාරව කටයුතු කරන අමාත්‍ය Kenji Wakamiya පැවසුවේ  "දේශීය ආර්ථිකයන් පුනර්ජීවනය කිරීම සඳහා Expo 2025 කදිම අවස්ථාවක් වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි." 

 

එමෙන්ම "Expo හරහා දේශීය චමත්කාරය මුළු ලෝකයාටම බෙදා හරිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. උත්සවයේ සාර්ථකත්වය සඳහා තමන්ට හැකි උපරිම සහයෝගීතාව ලබා දෙන මෙන් අනෙකුත් ආණ්ඩුකාරවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි" යනුවෙන්  ඔසාකා ආණ්ඩුකාර Hirofumi Yoshimura මෙහිදී කියා සිටියේය.

104 Views

Comments