2030 ඔලිම්පික් ලංසුවට විරුද්ධවූ Sapporo නිලධාරියා නගරාධිපති ධුරයට


Kaoro Takano නගරාධිපති ධූරයට තරඟ වදී

.

2030 ශීත ඍතු ඔලිම්පික් හා පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම වෙනුවෙන් උතුරු ජපානයේ Sapporo නගරය ගනු ලබන උත්සාහයට විරුද්ධ වූ  සිවිල් සංස්කෘතික කාර්යාංශයේ හිටපු ප්‍රධානියෙකු වන 63 හැවිරිදි Kaoru Takano  2023 වසන්තයේ පැවැත්වෙන    නගරාධිපති ධුරයේ මැතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. 

 

"මාගේ අපේක්ෂකත්වය ජූලි මස මුලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට මම සැලසුම් කර  තිබෙනවා. Sapporo හි ඔලිම්පික් ලංසුව පිළිබඳව පුරවැසියන්ගේ කැමැත්ත විමසා බැලීමට මෙය අවස්ථාවක් කර ගැනීමට මම කැමතියි" යනුවෙන් Takano අදහස් දක්වා තිබේ .  

 

මැතිවරණයට පෙර Sapporo සත්කාරක නගරය ලෙස අවිධිමත් ලෙස තෝරා ගනු ලැබුවහොත්, එම තීරණය ආපසු හැරවීමට තමන් කටයුතු කරන බව ඔහු මෙහිදී කියා සිටියේය. " නගරය ලංසු තැබීමේ කටයුතු සමඟ ආක්‍රමණශීලීව ඉදිරියට යමින් සිටින අතර පුරවැසියන්ගේ හඬට නිසි ලෙස ඇහුම්කන් දී නැත. මගේ නිල නිවේදනය මත පිහිටා ලංසුවට විරුද්ධ වීමට නිශ්චිත හේතු ඉදිරිපත් කිරීමට මම කැමතියි.  "

97 Views

Comments