නීතිවිරෝධී ලෙස කාන්තාවක් සිරකර තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ


කාන්තා මළ සිරුරක් රහසේ තබා ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනේ

.

දින හතරකට පෙර පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු විසින් සිරකර තබාගත් බවට සැලකෙන අතුරුදහන් වූ 20 හැවිරිදි කාන්තාවගේ යැයි සැලකෙන මළ සිරුරක් ජුනි 18 වන දින වනාන්තරයක් මධ්‍යයේ තිබියදී සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවී තිබේ. 

 

Tokyo අගනුවර Bunkyo Ward හි ජීවත් වූ 20 හැවිරිදි කාන්තාවක් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන සිරගත කිරීම සම්බන්ධයෙන් Kanagawa ප්‍රාන්තයේ Minamiashigara නගරයේ ජීවත් වූ ආයතනික සේවකයෙකු වන 33 හැවිරිදි Hiroyuki Sampei නම් පුද්ගලයකු මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ (MPD) පළමු විමර්ශන අංශය විසින් ජුනි 14 වන දින අත්අඩංගුවට ගනු ලැබිණි .

 

ජූනි 5 වැනිදා සිට Ibaraki ප්‍රාන්තයේ Hitachiota නගරයේ පිහිටි ඔහුගේ නිවාඩු නිකේතනය තුළ කාන්තාව සිරකර තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බව පොලීසිය පැවැසීය. නමුත් මෙහෙයුම් කටයුතු අතරතුරදී එම නිවාඩු නිකේතනය අවට පිහිටි වනාන්තර ප්‍රදේශයක තිබූ ඇයගේ මළ සිරුර ජුනි 18 වැනි දින සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී ඇත .

125 Views

Comments