කාන්තාවක් 600 වතාවක් ගණිකා සේවයේ යෙද වූ යුවලක් අත්අඩංගුවට


වයස අවුරුදු විසි හයක් වන කාන්තාවක්  බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යොදවමින් ඒ ලැබෙන මුදලින් සුඛෝපභෝගී ජීවිත?

.

වයස අවුරුදු විසි හයක් වන කාන්තාවක්  බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යොදවමින් ඒ ලැබෙන මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ  තිස්තුන් හැවිරිදි කාන්තාවක් සහ විසි නව හැවිරිදි ඇයගේ සැමියා ටෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම යුවළ සමඟ එකම ගෘහයේ වාසය කළ වයස අවුරුදු තුනක් වයසැති දරුවෙකුගේ මවක් වන  එම කාන්තාවට තමයි එදිනෙදා වියදම් පිරිමසා ගැනීමේ අපහසුතාවය ප්‍රයෝජනයට ගෙන  මෙම යුවල ඇයව බලහත්කාරයෙන් එම ක්‍රියාවන්හි යොදවා ඇත.ඒ හරහා ඔවුන් යෙන් මිලියන  8.6ක් පමණ උපයා ඇති අතර එක් වාරයකට ඇයට  සපයා තිබුණේ yen 1000කටත් වඩා අඩු මුදලකි.

 

අන්තර්ජාලය හරහා මිතුරු වීමෙන් ගොඩනැගුණු මෙම යුවළ හා කාන්තාව අතර සම්බන්ධය හේතුවෙන් එම කාන්තාවගේ සැමියා විසින් ඇයට අඩන්තේට්ටම් කරන බැවින්  ඇයව ඔවුන් වෙත ගෙන්වා ගෙන තිබුණි. පසුව  තිස්තුන් හැවිරිදි කාන්තාව විසින් ඇයට ගණිකා වෘතියේ යෙදෙන ලෙස බල කර ඇති අතර 2021 වර්ෂයේ නොවැම්බර් 8 වන දා තෙක්  ඇයව එලෙස හැදුවා ගනිමින් ඔවුන්  මුදල් උපයා ඇත.

 

 

Comments