වාර්තාව බිඳ හෙලමින් යුක්‍රේන දරුවන් වෙනුවෙන් අලෙවි වූ නොබෙල් ත්‍යාගය


යුක්රේන දරුවන් සඳහා ආධාර කිරීමට නොබෙල් ත්‍යාගයක් අලෙවි වේ

.

යුක්‍රේන ළමා සරණාගතයින්ගේ අනාගතය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමේ අරමුණින් රුසියානු මාධ්‍යවේදී Dmitry Muratov විසින් පසුගියදා වෙන්දේසි කළ නොබෙල් සාම ත්‍යාගය, 2014 දී DNA ව්‍යුහයේ සම සොයාගැනීම වෙනුවෙන් James Watson ට හිමිවූ පදක්කම ඩොලර් මිලියන 4.76 කට අලෙවි කරමින් පිහිටුවා තිබූ පැරණි වාර්තාව බිඳ දමමින් සඳුදා රාත්‍රියේදී ඩොලර් මිලියන 103.5 කට අලෙවි වූ බව වාර්තා වේ. 

 

2021 ඔක්තෝම්බර් මාසයේදී නොබෙල් රන් පදක්කම හිමිකරගත් Muratov යනු ස්වාධීන රුසියානු පුවත්පතක් වන Novaya Gazeta පිහිටුවීමට කටයුතු කළ පුද්ගලයා මෙන්ම රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයෙන් පසුව Kremlin හි මාධ්‍යවේදීන් සිරවීම සහ පැනනැගී මහජන විරෝධය මධ්‍යයේ මාර්තු මාසයේදී පුවත්පත වසා දමන විට එහි ප්‍රධාන කර්තෘවරයා ලෙස සේවය කළ පුද්ගලයාය . 

 

අලෙවියෙන් හිමිවූ ඩොලර් 500,000 මුදල්  පුණ්‍ය කටයුතු සඳහා ත්‍යාගයක් ලෙස පරිත්‍යාග කිරීමට තමන් කටයුතු කරන බවත්   "සරණාගත දරුවන්ට පැහැදිලි අනාගතයක් සඳහා අවස්ථාවක් ලබා දීම" මෙම පරිත්‍යාගයේ අරමුණ බවත් ඔහු කියා සිටියේය 

116 Views

Comments