ජුනි 20 වන දින අගනුවර COVID-19 ආසාදිතයින්ගේ ව්‍යාප්ති ස්වභාවය


තවදුරටත් ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

.

ජපානයේ Tokyo අගනුවරින් අද දින නව Corona ආසාදිතයින් 1076 ක් වාර්තා වූ නමුත් තහවුරු කරන ලද මරණ කිසිවක් වාර්තා නොවූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

නව ආසාදිතයින් 572 දෙනෙකුට COVID-19 එන්නත් දෙකක් ලබා දී ඇති අතර, 11 දෙනෙකුට එක් එන්නතක් පමණක් ලබා දී තිබේ. ඔවුන්ගෙන් 258 දෙනෙකු මේ වනවිටත් කිසිඳු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති අතර එන්නත් තත්ත්වය පිළිබඳව නිශ්චිතවම තොරතුරු අනාවරණය නොවූ ආසාදිතයින් ගණන 235 ක් ලෙස සදහන් වේ. 

 

අගනුවරින් මේ දක්වා සමස්ත ආසාදන 1,574,417 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම  සංඛ්‍යාව ලෙස සැලකේ

134 Views

Comments