මළ සිරුරක් මහමග දමා යයි


44 හැවිරිදි චීන ජාතික ලී සින්ග් ගේ මෘත දේහය බව තහවුරු විය

.

ඔක්තෝම්බර් 30 වන දින උදෑසන ඕසකා හි ව්‍යාපාරික උද්‍යාන වීදියේදී මෙම මළ සිරුර සොයා ගෙන ඇත.

45 හැවිරිදි හශිමොතෝ නම් පුද්ගල්යෙක් විසින් මෙම මළ සිරුර වීදියේ දමා ගොස් ඇති බව පොලිසිය විසින් සිදු කරන පරීක්ශණ වලදී සොයා ගන්නා ලදී. හශිමොතෝ ඊයේ පස්වරුවේ නීතිඥවරයකු සමඟ පොලිසියේ පෙනී සිටි බව වාර්තා වේ.

අධිකරණ වාර්තා වලට අනුව ලී ගේ හිසට මාරාන්තික පහරක් එල්ල වී ඇති අතර එම නිසා මොලෙයේ ඇති වූ අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් මරණය සිදු වී ඇත.

හශිමොතෝ පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර තව දුරටත් මෙම සිදුවීම පිලිබඳ විමර්ශනය කරන බව ඕසකා පොලිසිය පවසයි

134 Views

Comments