දැරියකට අතවර කල දුම්රියේ කොන්දොස්තර


දැනීම් කට අතවර කිරීමට උත්සහ කළ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගනී

.

JR Tohoku මාර්ගයේ  Kitashirakawa සහ Higashiroishi දුම්රිය ස්ථාන අතර ගමන් කරමින් තිබූ දුම්රියකදී ඉරිදා අලුයම 12.10 ට පමණ දුම්රියේ ගමන් කරමින් සිටි තරුණ වියේ දැරියකගේ පපුව ප්‍රදේශය ඇල්ලූ බවට සැකපිට Hiromu Ohara නම් 27 හැවිරිදි දුම්රිය කොන්දොස්තරවරයා, Miyagi ප්‍රාන්තයේ Shiroishi හි පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. 

 

තනිවම වාඩි වී සිටි දැරිය අදාළ සිදුවීමෙන් පසුව 110 අමතා අතවරය පිළිබඳව පොලීසියට පවසා ඇති අතර දුම්රිය එහි ගමනාන්තයේ වන Shiroishi දුම්රිය ස්ථානයට ළඟා වූ පසුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ .

 

එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි Ohara එම චෝදනාව පිළිගෙන ඇති බව Shiroishi හි පොලිසිය ප්‍රකාශ කළේය.

142 Views

Comments