Saitama ප්‍රාන්තයේදී කාන්තාවක් ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයා


කාන්තාවක් ප්‍රාණ ඇපයට තබාගත් පුද්ගලයා අත්අඩංගුවට ගනියි

.

Saitama ප්‍රාන්තයේ Kawagoe හි පිහිටා ඇති අන්තර්ජාල ආපන ශාලාවක අර්ධ කාලීන ලෙස සේවය කළ 22 හැවිරිදි සේවිකාවක්   ප්‍රාණ ඇපකරුවෙකු ලෙස තබාගැනීම සම්බන්ධයෙන් Koji Nagakubo නම් 42 හැවිරිදි පුද්ගලයෙකු බදාදා අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය .

 

අඟහරුවාදා රාත්‍රී 10 ට පමණ වෙනත් සේවිකාවක් විසින් පොලිසිය අමතා ඇය නවාතැනට නොපැමිණි බව පවසා ඇති අතර ඒ අනුව අලුයම 3:15 ට පමණ කාන්තාව රඳවා ගෙන සිටි ස්ථානයට කඩා වැදුණු පොලිස් නිලධාරීන් විසින් කාන්තාව බේරා ගැනීමට හා Nagakubo අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ . 

 

සැකකරු විසින් අවන්හලේ, ජනේල රහිත පෞද්ගලික නවාතැනක් තුළ අගුලු දැමූ කාමරයක ඇයව රඳවා ගෙන සිටි අතර ඔහුට භාර වන ලෙස දොරේ සවි කර තිබූ දුරකථනය වැනි විවිධ ක්‍රම භාවිතයෙන් දැනුම් දීම් සිදුකළ බව නිලධාරීන් කියා සිටියහ. 

 

නමුත් අවසානයේදී අවන්හලේ සිටි අනෙකුත් කාර්ය මණ්ඩල සේවකයින් සහ එහි රැදී සිටි පාරිභෝගිකයින් ආරක්ෂිතව පිටතට ගැනීමට හැකිවූ බව සදහන් වේ.

98 Views

Comments