දිනෙන් දින දරුණු අතට හැරවෙන චීනයේ කාලගුණික තත්ත්වය


චීනයේ කාලගුණ තත්ත්වය දිනෙන් දින දරුණු අතට හැරෙයි

.

බොහෝ මිනිසුන්ට තම නිවෙස්වලින් පලා යාමට බල කෙරෙමින් චීනයේ දකුණු ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශය පුරා ඉහළ ගංවතුර තත්ත්වයක් සහ නායයෑම් ඇතිවෙමින් පවතින අතර ප්‍රදේශයේ ගොඩනැගිලි, බෝග සහ මහා මාර්ග රාශියක් විනාශයට පත් වෙමින් පවතී. 

 

මේ වනවිටත් Guangxi කලාපයේ පුද්ගලයන් 145,000ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර නිවාස 10,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව නිල Xinhua New Agency වාර්තා කළේය. 

 

ප්‍රාදේශීය බලධාරීන්ට අනුව හෙක්ටයාර 433,000 ප්‍රමාණයක වගා කර තිබූ භෝග ජලයෙන් යට වී ඇති අතර අසල්වැසි Jiangxi පළාතේ තවත් මිලියන භාගයක ජනතාවක් පීඩාවට පත්ව තිබේ. වැඩිම වර්ෂාපතනයක් ලැබෙන මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල ජනතාවට සෑම වසරකම ගිම්හාන මාසවලදී මෙලෙස ගංවතුර ආපදා වලට මුහුණ දීමට සිදුවේ. 

 

ඉදිරි දින කිහිපයේදීත් අඛණ්‌ඩව තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි අතර චීන බලධාරීන් වසරේ පළමු රතු අනතුරු ඇඟවීම ඉරිදා නිකුත් කළහ.

131 Views

Comments