ජපාන මුහුදු කලාපය ආසන්නයේ බල ප්‍රදර්ශනයක යෙදුණු  චීනය සහ රුසියාව


ජපානය ආශ්‍රිත මුහුදේ චීනය සහ රුසියාව හමුදා කටයුතු වල නිරත වීම එරට හෙළාදකියි

.

තම ජාතියට එරෙහිව චීනයේ සහ රුසියාවේ යුධ නෞකා විසින් “බලය පෙන්වීම” සඳහා ජපානය ආසන්න මුහුදේ ක්‍රියාත්මක කරනු ලබන උපාය මාර්ග ජපාන ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi විසින් බදාදා දින විවේචනය කළ අතර "රුසියානු සහ චීන නැව් 10කට ආසන්න ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ සමාන මාර්ග වලින් අපේ රට වටා ගමන් කිරීම අතිශයින් කනගාටුදායකයි " යනුවෙන් කියා සිටියේය. 

 

ජූනි මැද සිට රුසියානු නාවික යාත්‍රා පහක් පැසිෆික් සාගරයේ Hokkaido ඔබ්බෙන් දකුණට යාත්‍රා කර නිරිතදිග ජපානයේ Tsushima සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් සිටින බවත් චීන නාවික හමුදාවේ නෞකා තුනක් ද එවැනිම මාර්ගයක් අනුගමනය කරන බවත් ජපානය තහවුරු කළ බව Phnom Penh හි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්‌වමින් Kishi පැවසීය.

 

අඟහරුවාදා සිට බදාදා දක්වා නැගෙනහිර චීන මුහුදේ සිට පැසිෆික් කලාපය දෙසට ගමන් කරන විට තවත් චීන යාත්‍රා හයක් Okinawa හි දකුණු දූපත් ප්‍රාන්තය අසලින් ගමන් කළ බව ද අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සාමාජිකයන් අතර පැවැති රැස්වීමට සහභාගී වීමට පෙර කාම්බෝජයට සිදුකළ සංචාරයේදී ඔහු කියා සිටියේය.

127 Views

Comments