හොක්කයිඩෝ ප්‍රාන්තයේදී පසුගියදා ගිලී ගිය සංචාරක යාත්‍රාව පිළිබඳව වාර්තාමය වැඩසටහනක් සඳහා අනුයුක්ත කර තිබූ Sayaka Takahashi නම් 24 හැවිරිදි මාධ්‍යවේදිනියක් පසුගියදා Shari ප්‍රදේශයේ පිහිටා තිබූ වෙළඳසැලකින් ආහාර ද්‍රව්‍ය සොරකම් කළ බවට සැකපිට ප්‍රාන්ත පොලිසිය විසින් අගහරුවාදා දින අත්අඩංගුවට ගෙන තිබේ.
Yomiuri Shimbun's Sapporo ශාඛා කාර්යාලයේ සේවය කළ ඇය විසින් අප්‍රේල් 28 වන දින උදෑසන 9 ට පමණ යෙන් 2,657 ක් වටිනා Bento දිවා ආහාර පෙට්ටි සහ Candy ඇතුළු ආහාර ද්‍රව්‍ය නවයක් සොරාගෙන ඇති බවට වෙළෙඳසැලෙන් චෝදනා එල්ල වී ඇති බවත් Takahashi ලබාගත් නිෂ්පාදන සඳහා මුදල් ගෙවීමක් නොකරම ගබඩාවෙන් පිටව යන අයුරු වෙළඳසැලේ ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව තිබූ බවත් පොලීසිය කියා සිටියේය .
Sapporo හි වාණිජ ආයතනයක පොත් සාප්පුවකින් යෙන් 880 ක වටිනාකමකින් යුත් විකට පොතක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඇයව ජුනි 18 වන දින අත්අඩංගුවට ගත් නමුත් අධිචෝදනා නොමැති වීම නිසා නිදහස් කළ අතර මෙවර Takahashi විසින් ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිගෙන ඇති බව වාර්තා වේ.