COVID-19 සහනාධාරය වංචා කළ ජපන් ජාතිකයා අත්අඩංගුවට ගැනේ


corona සහනාධාර වංචා කළ ජපන් ජාතිකයෙකු අත්අඩංගුවට ගනියි

.

ජපානය තුළ COVID-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අගතියට පත් වූ කුඩා ව්‍යාපාර සඳහා අනුමත කර තිබූ සහනාධාර මුදල් වලින් යෙන් බිලියන 1 ක ප්‍රමාණයක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඉන්දුනීසියාවේ සැඟව සිටි ජපන් ජාතිකයා බදාදා දින ඉන්දුනීසියාවේ සිට පැමිණි ජපාන පොලිසිය විසින් ගුවන් යානයකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

47 හැවිරිදි Mitsuhiro Taniguchi නම් මෙම පුද්ගලයා Tokyo හි Narita ගුවන් තොටුපළට ගොඩබැසීමෙන් පසුව පොලිස් ස්ථානයක් වෙත රැගෙන ගිය අතර ඔහුගේ අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් තහවුරු කර ඇත .

 

"ජපාන රජය විසින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කිරීමෙන් පසු එය කල් ඉකුත් වීම සහ ඔහුට ඉන්දුනීසියාවේ පදිංචිව සිටීම සඳහා බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් Taniguchi පිටුවහල් කළ බව" ඉන්දුනීසියානු ආගමන නිලධාරි Douglas Simamora බදාදාට පෙර දිනෙක ප්‍රකාශ කළේය.

123 Views

Comments