පදිංචිකරුවන් 460,000 දෙනෙකුගේ තොරතුරු අන්තර්ගතව තිබූ දත්ත ගබඩාව


බොහෝ ජනතාවගේ දත්ත ගබඩා කර තිබූ පද්ධතියක් අතුරුදහන් වේ

.

බටහිර ජපානයේ Hyogo ප්‍රාන්තයේ Amagasaki නගරයේ පදිංචිකරුවන් 460,000 දෙනෙකුගේ නම, ලිපිනය, උපන් දිනය සහ සුබසාධන ලබන පවුල්වල බැංකු ගිණුම් අංක ඇතුළු තවත් බොහෝ දත්ත සටහන්ව තිබූ USB Flash ධාවකය බ්‍රහස්පතින්දා දින අස්ථානගත වී ඇති බවත් එහි දත්ත සංකේතනය කර මුරපදයකින් ආරක්ෂා කර තිබූ බවත් නගරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

 

මෙතෙක් එහි සදහන්ව තිබූ දත්ත කිසිවක් කාන්දු වූ බවට කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බවත් නගරයේ COVID-19 සහන අරමුදල් බෙදා හැරීමට සහාය වීම සඳහා පත් කරන ලද සමාගම් සේවකයෙකුගේ වරදින් අඟහරුවාදා දින ආපන ශාලාවක ආහාර ගැනීමෙන් පසුව Flash ධාවකය තිබූ බෑගය නැති වී ඇති බවත් නගරය ප්‍රකාශ කළේය. 

 

"විද්‍යුත් දත්ත හැසිරවීමේදී අපි ආරක්‍ෂක කළමනාකරණය තරයේ සහතික කරන්නෙමු. එමෙන්ම පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමෙන් නිවැසියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමට අපි කටයුතු කරන්නෙමු" යනුවෙන් සිදුවිම පිලිබදව අදහස් දක්‌වමින් නගරය පැවැසීය .

112 Views

Comments