ඉහළ යමින් පවතින අධික උෂ්ණත්වය හමුවේ ලිහිල් කෙරුණු මුව ආවරණ නීතිය 


ජපානයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මුඛ ආවරණ නීතිය ලිහිල් කිරීමට කටයුතු කරයි

.

“ විශේෂයෙන්ම තාප ආඝාත අවදානම වැඩි වශයෙන් දැනෙන ගිම්හාන කාලයේදී එළිමහනේ රැදී සිටින විට සමීප සංවාදයක නොයෙදෙන්නේ නම්, රැකියාවට හෝ පාසැලට පයින් හෝ බයිසිකලයෙන් යන්නේ නම්, ඇවිදින විට හෝ දුවන විට හෝ රේඩියෝ ජිම්නාස්ටික් සහ වෙනත් ව්‍යායාම කරන්නේ නම් එවිට මුව ආවරණය ඉවත් කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු ” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය Shigeyuki Goto ජුනි 21 දින පැවැති කැබිනට් රැස්වීමෙන් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්‌ දක්‌වමින් පැවසීය. 

 

සෑම වසරකම 40,000 ත් 50,000 ත් අතර පිරිසක් තාප ආඝාතය වැළදීම හේතුවෙන් ගිලන්රථ මගින් රෝහල් ගත කෙරෙන බවත් සමහර අවස්ථාවලදී රෝගී වුවන් ඉතා දරුණු ලෙස මරණයට පත්වන බවත් Goto මෙහිදී සඳහන් කළේය.

 

තාප ආඝාතය වළක්වා ගැනීම වෙනුවෙන් "ගෘහස්ථව සිටින විට වායු සමීකරණ භාවිතා කිරීම සහ විදුලි පංකා භාවිතා කිරීම මගින් අධික තාපය වළක්වා ගැනීමට මෙන්ම හොඳින් වාතාශ්‍රය ඇති ප්‍රදේශවල රැඳී සිටීම මගින් Corona වෛරස ආසාදනය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස" සෞඛ්‍ය අංශ මගින් ජනතාවට නිරතුරුවම උපදෙස් ලබාදීම සිදුවේ.

126 Views

Comments