සිද්ධස්ථානයකදී පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ කාන්තාවක්


පුපුද්ගලයෙකුට පිහියෙන් ඇනි කාන්තාවක් අත්අඩංගුවට ගනී

.

Hiroshima ප්‍රාන්තයේ Aki Ward හි පිහිටි දේවස්ථානයකදී 39 හැවිරිදි පිරිමි පුද්ගලයකුට පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට Shizuka Okazaki නම් 40 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් ප්‍රාන්ත පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසේ .

 

අඟහරුවාදා දින පස්වරු 3 ට පමණ අදාළ පුද්ගලයාගේ පිටුපසින් පැමිණි Okazaki ඔහුගේ පිට ප්‍රදේශයට පිහියෙන් ඇන ඇති අතර ඔහුගේ තුවාල දරුණු නමුත් ජීවිතයට තර්ජනයක් නොවන බව පොලීසිය සඳහන් කළේය. 

 

ප්‍රහාරයෙන් පසු Okazaki එම ස්ථානයෙන් පලා ගිය නමුත් අඟහරුවාදා රාත්‍රිය වනවිට ඇයව අත්අඩංගුවට ගෙන අනතුරුව බදාදා දින නඩු පවරන ලදී. ඔහුව ඝාතනය කිරීමේ කිසිදු චේතනාවක් තමන් සතුව නොතිබූ බවත් පිහි ඇනුමට පෙර තමා සහ ඔහු අතර ආරවුලක් ඇති වූ බවත් Okazaki පොලීසියට පවසා තිබේ .

95 Views

Comments