නැඟෙනහිර ජපානයේ ගමන් කරමින් තිබූ දුම්රියක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ


Chiba ප්‍රාන්තයේ ගමන් කරමින් තිබූ දුම්රියක් හදිසියේ නවත්වයි

.

Chiba ප්‍රාන්තයේ Tobu Noda මාර්ගයේ දුම්රියක් තුළ ආගන්තුක දියරයක් ව්‍යාප්ත වී යාම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු රෝගාතුර වූ බවත් දුම්රියේ ගමනාගමනය අඩාල වූ බවත් කාර්ය භාර නිලධාරීහු ප්‍රකාශ කළහ. 

 

Tobu දුම්රිය සමාගමට අනුව Kashiwa සහ Omiya යන දුම්රිය ස්ථාන අතර ධාවනය වෙමින් තිබූ සාමාන්‍ය දුම්රියක මෙම සිදුවීම සිදුවි ඇති අතර  "දියර වර්ගයක් ඉසිනවා වගේ අමුතු සුවඳක් දැනෙනවා"  යනුවෙන් පවසමින් ජූනි 24 වෙනි දින උදෑසන 6.15 ට පමණ දුම්රියේ හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබී තිබේ . 

 

Tobu දුම්රිය සමාගම විසින් ආසන්නතම දුම්රිය ස්ථානය වූ Nodashi හි දුම්රිය නවතා සියලු මගීන්ගෙන් බැස යන ලෙස ඉල්ලා ඇති අතර Tobu නාගරික උද්‍යාන රේඛාව ලෙස හැඳින්වෙන Noda මාර්ගයේ සමහර අංශවල ක්‍රියාකාරිත්වය මේ හේතුවෙන්  අත්හිටුවා ඇති බව වාර්තා වේ .

 

මෙම දියරය විෂ සහිත බවට විශ්වාස නොකරන නමුත් විමර්ශනය කටයුතු අඛණ්‌ඩව සිදුකරගෙන යන බව Chiba ප්‍රාන්ත පොලිසිය පැවැසීය.

186 Views

Comments