අභියෝග ජයගත් ජපාන Business..


පවතින උග්‍ර කොවිඩ් සහ ඔමික්‍රොන් වසංගත තත්වය හමුවේ ජපානයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ...

.

පවතින උග්‍ර කොවිඩ් සහ ඔමික්‍රොන් වසංගත තත්වය හමුවේ ජපානයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු සියලුම ව්‍යාපාර පාහේ බංකොලොත් වීමේ සහ වසා දැමීමේ අවදානමකට ලක්වී තිබුණි.

මෙකී තත්ත්වය හමුවේ බොහොමයක් ව්‍යාපාර නවීන තාක්ෂණික ක්‍රමවේද සහ online ව්‍යාපාරකරණය කෙරෙහි යොමු වූ අතර එහි නව අංගයක් ලෙස half-real business හෙවත් අර්ධ තාක්ෂණික විකුණුම් ක්‍රමය හඳුන්වා දී තිබේ. මෙහිදී භාණ්ඩ තෝරා ගන්නා  පාරිභෝගිකයා එම භාණ්ඩය ද රැගෙන පරිගණක තිරයක් වෙත ගිය පසු අනෙක් පසින් අලෙවිකරණ සහායකයා සම්බන්ධ වන අතර භාණ්ඩය සම්බන්ධව විස්තර සහ විකුණුම් මිල ගණන් සාකච්ඡා කිරීම ඇතුළු සියලුම දේ online ක්‍රමයට කරගත හැකිය. අවසානයේ දී භාණ්ඩයට ගෙවීම පවා මෙම පද්ධතිය හරහා සිදුකල හැකිය. දැනට ටෝකියෝ සහ තදාසන්න ව්‍යාපාරික නගර වල මෙම පද්ධතිය සාර්ථකව අත්හදා බැලෙමින් පවතින අතර පාරිභෝගිකයන් ද මෙය අගය කරන බව පෙනෙන්නට තිබේ.

ඡායාරූපය :mainichi

Comments