ජපානයේ Corona ව්‍යාප්තිය මන්දගාමී වීම ආරම්භ වෙයි


ජපානයේ කොරෝනා රෝගීන් වාර්තා වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබේ

.

ජපානය පුරා COVID-19 රෝගීන් සංඛ්‍යාව “අඛණ්ඩව පහත වැටෙමින් පවතින නමුත් පහත වැටීමේ වේගය මන්දගාමී වීමට පටන් ගෙන ඇත " යනුවෙන් ජුනි 23 දින පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ Corona වෛරස විශේෂඥ උපදේශක මණ්ඩලයේ රැස්වීමකදී නිලධාරීන් කියා සිටියහ .

 

" ජනාකීර්ණ නගර වලින් වාර්තා වන ආසාදිතයින්ගේ තියුණු වැඩිවීමක් කෙටි කාලීනව අපේක්ෂා නොකරන නමුත් ගිම්හාන නිවාඩුවේ ආරම්භයත් සමඟ රටේ ජනතාව වඩාත් සමීප සම්බන්ධතා ඇති කර ගතහොත්, තුන්වන බූස්ටර එන්නත් ලබා ගැනිමේ ප්‍රවණතාවය අඩු මට්ටමක පැවැතීම හේතුවෙන් ආසාදන සංඛ්‍යාව වැඩි විය හැකි බව " මණ්ඩලය තවදුරටත් අදහස් දක්‌වමින් පැවැසීය. 

 

පසුගිය සතිය තුළ ජපානය පුරා වාර්තා වූ නව COVID-19 රෝගීන් සංඛ්‍යාව පෙර සතියට වඩා 0.98 ගුණයකින් අඩු වූ අතර සියලුම වයස් කාණ්ඩවල නව ආසාදිතයින් වාර්තා වීම පැහැදිලිවම අඩුවෙමින් පවතින බව අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තා වල දැක්වේ .

156 Views

Comments