ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මත විමසුමෙන් බහුතර මනාප ලබා ගත් ජපාන පාලක කණ්ඩායම


මන්ත්‍රී මණ්ඩල මත විමසුමෙන් පාලක පක්ෂයට වැඩි මනාප ප්‍රමාණයක් හිමි වේ

.

ජුලි 10 වෙනි දින පැවැත්වීමට නියමිතව ඇති ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණයේදී ජපාන පාලක පක්ෂය ආසන 125 න් බහුතරයක් ලබා ගනු ඇතැයි බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රටපුරා සිටින ජන්ද දායකයින් ඉලක්ක කර ගනිමින් පවත්වන ලද දුරකථන සමීක්ෂණයක් මගින් හෙළි වී තිබේ. 

 

අගමැති Fumio Kishida ගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය සහ සමහර කුඩා විරුද්ධ පක්ෂ ඇතුළු ව්‍යවස්ථා ගැති සංශෝධන කඳවුර විසින් මෙවර මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතරය පවත්වා ගනු ඇති බව ද සමීක්ෂණයේ දත්ත මගින් පෙන්වා දී ඇත. 

 

සමීක්ෂණයේ දී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 31.2 % මෙවර මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්දය ලබාදිය යුත්තේ කාටද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව පැවසූ අතර 15.4 % ක ජනතාවක් සමානුපාතික නියෝජන ආසන සඳහා ද එවැනිම පිළිතුරක් ලබා දී තිබේ. තවමත් සැලකිය යුතු කාලයක් ඉතිරිව ඇති බැවින් මෙම අනාවැකි වල ප්‍රතිඵලය වෙනස් වීමේ සම්භාවිතාව වැඩි මට්ටමක පවතී.

115 Views

Comments