ඇමරිකාවෙන් රතු එලියක්..


යුක්රේන දේශ සීමා ආසන්නයේ රුසියානු පාබල හමුදා සේනාංක රැඳවීම සම්බන්ධයෙන් ..

.

යුක්රේන දේශ සීමා ආසන්නයේ රුසියානු පාබල හමුදා සේනාංක රැඳවීම සම්බන්ධයෙන් පෙන්ටගනයේ ස්ථාවරය ඔවුන් විසින් ඊයේ දිනයේදී නිකුත් කරන ලදී. අමෙරිකානු ආරක්ෂක බලසේනා සොල්දාදුවන් 8500 මේ වන විට යුක්රේන දේශ සීමා ආසන්නයට පිටත් කර හැර ඇති බවත් අවශ්‍ය මොහොතක ඔවුන් ප්‍රතිචාර දැක්වීමට  සූදානම් බවත් පෙන්ටගනයේ ආරක්ෂක ප්‍රකාශක John Kirby මාධ්‍යයට පැවසීය.

මේ අතර ඇමරිකානු ජනාධිපති  Joe Biden මෙකී ක්‍රියාමාර්ග වෙනුවෙන් යුරෝපියානු සංගමයේ අදහස් විචාරීම සඳහා එම නියෝජිතයන් ද හමුවී ඇති අතර NATO සංවිධානය හරහා හමුදා සහය මේ සඳහා යෙදවීමට ක්‍රියා කර ඇතැයි ද පැවසේ. යුරෝපියානු සංගමය ඔවුන්ගේ නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, රුසියාව සමඟ මෙම ප්‍රශ්නය හැකිතාක් දුරට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳීමට උත්සුක වන බවත් එය අසමත් වුවහොත් අසීරු විකල්පයක්  වෙත යෑමට සිදුවන බවත්ය.

523 Views

Comments