සිය සම්බාධක ලැයිස්තුව වැඩිදියුණු කළ ජපානය


ජපානය තවත් රුසියාවට එරෙහිව සම්බාධක පනවයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව පනවනු ලැබූ සම්බාධක ලැයිස්තුවට තවත් රුසියානු බැංකු දෙකක් සහ බෙලරුසියානු බැංකුවක් එකතු කිරීමට පියවර ගෙන ඇති බව ජපාන රජය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

 

Moscow හි Credit බැංකුව, රුසියානු කෘෂිකාර්මික බැංකුව සහ සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය සඳහා වන බෙලාරුසියානු බැංකුව යන ආයතනවලට වත්කම් මෙලෙස අත්හිටුවනු ලබන අතර, ජූලි 7 දින සිට බලපැවැත්වෙන පරිදි ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට නම් රජයේ පූර්ව අනුමැතිය ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ.

 

මේ වනවිට ජපානය විසින් රුසියානු බැංකු 12 ක් සහ බෙලාරුසියානු බැංකු 4 ලෙස සමස්ත බැංකු 16 ක් ආවරණය වන පරිදි සම්බාධක පනවා තිබේ . රුසියාවේ “කාර්මික පදනම” ශක්තිමත් කිරීමට උපකාරී වන නිෂ්පාදන  අපනයනය කිරීම සම්බන්ධයෙන් ද රජය විසින් නව තහනමක් පනවා ඇති අතර ඉලක්කගත අයිතම පසුකාලීනව සඳහන් කිරිමට නියමිත බව  වාර්තා වේ.

132 Views

Comments