මියගිය පුද්ගලයාගේ ඇදුම් සිහිවටන බවට ප්‍රතිනිර්මාණය කරන නවතම මැහුම් ශීල්පිය ක්‍රමය


මියගිය පුද්ගලයන් සිහිවීමට ඔවුන්ගේ ඇඳුම් තබාගත හැකි ක්‍රමයක් ජපාන ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු යෝජනා කරයි

.

මියගිය පුද්ගලයෙකු විසින් ජීවත්ව සිටි කාලයේ භාවිතා කළ, මතකයන්ගෙන් පිරුණු කිමෝනෝ Shimane ප්‍රාන්තයේ Izumo හි ජීවත් වන ඇඳුම් නිර්මාණකරුවෙකු විසින් යළිත් වරක් පවුලේ සාමාජිකයන්ට තම ආදරණීයයන් නිරතුරුව මතකයේ රැදෙන දෛනික සිහිවටන බවට ප්‍රතිනිර්මාණය කරනු ලබයි. 

 

63 හැවිරිදි ඇඳුම් නිර්මාණ ශිල්පිනීයක වන Sane Abe විසින් තනිව මෙම ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර ඇයගේ ප්‍රධාන මෙහෙයුම වන්නේ සාම්ප්‍රදායික ඇඳුමේ චමත්කාරය ප්‍රවර්ධනය කරමින් අල්මාරියේ තබා තිබෙන පැරණි කිමෝනාව "Fukusa" රෙදි, පිරවූ සෙල්ලම් බඩු, ඇඳුම්, බෑග්, බුද්ධාගමේ ජපමාල බහාලුම් , වීදුරු පෙට්ටි, බෝංචි බෑග් සහ ජායාරූප රඳවන වැනි විවිධ වූ ප්‍රභේද 27 කට  ප්‍රතිනිර්මාණය කිරීමයි . 

 

මෙහිදී පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අයවැය අනුව කිමෝනාව නැවත සකස් කිරීමට අවශ්‍ය අයිතම වර්ගය තෝරා ගත හැකි වේ. පසුගිය වසර 20 තුළදී සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයට හොඳින් සවන් දුන් ඇය කිමෝනෝ කෑලි 4,000කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස නව නිර්මාණ බවට පත්කර ඇති අතර එම කාලය තුළදී නව නිර්මාණ ඇතුළත් කරමින් විලාසිතා සංදර්ශන කීපයක් පවත්වා තිබේ.

167 Views

Comments