ඩිමෙන්ශියා රෝගීන්ගේ අතුරුදහන් වීමේ ප්‍රතිශතය


ඩිමෙන්ෂියා රෝගීන් ගේ අතුරුදහන් වීමේ ප්‍රතිශතය ඉහළ යයි

.

පසුගිය වසරේ ඩිමෙන්ශියාව හේතුවෙන් පුද්ගලයන් 17,636 දෙනෙකු අතුරුදන් වූ බවට වාර්තා වී ඇති අතර, සංඛ්‍යාලේඛන පිහිටවූ 2012 වසරේ සිට අඛණ්ඩව නවවැනි වසරටත් එම අගය ඉහළ ගොස් ඇති බව ජපානයේ ජාතික පොලිස් ඒජන්සිය ජුනි 23දා නිවේදනය කළේය.

 

අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවේ පිරිමි පුද්ගලයන් 9631 ක් සහ කාන්තාවන් 8005 දෙනෙකුගේ විස්තර ඇතුළත්ව තිබූ අතර 2021 වසරට පෙර අතුරුදන්ව සිටි පුද්ගලයින් ඇතුළුව සමස්ථ පුද්ගලයන් 17,538 ක් සොයා ගෙන තිබේ. මෙයින් 16,977 ක් පවුලේ සාමාජිකයන් හෝ  පොලිසිය විසින් ජීවතුන් අතර සිටින බවට සොයාගෙන ඇති අතර, 450 ක් මිය ගොස් ඇති බවත් පැමිණිලි 111 ක් ඉල්ලා අස්කර ගෙන ඇති බවත් සදහන් වේ. 

 

ඩිමෙන්ශියාවෙන් පෙළෙන වැඩිම රෝගීන් සංඛ්‍යාව 1895 ක් ලෙස Osaka ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර ඒ දෙවනුව Saitama ප්‍රාන්තයෙන් 1875 ලෙස, Hyogo ප්‍රාන්තයෙන් 1804 ලෙස, Kanagawa ප්‍රාන්තයෙන් 1604 ලෙස සහ Aichi ප්‍රාන්තයෙන් 1542 ලෙස වාර්තා වී තිබේ.

88 Views

Comments