රුසියාවේ සහ යුක්රේනයේ නායකයන් හමුවන ඉන්දුනීසියානු ජනාධිපතිවරයා


ඉන්දුනීසියානු ජනාධිපති යුක්රේන සහ රුසියානු ජනාධිපති හමුවේ

.

මේ මස ජර්මනියේ පැවැත්වෙන G7 සමුළුවකට සහභාගී වීමෙන් පසු රුසියාවේ සහ යුක්රේනයේ නායකයින් හමුවීමට ඉන්දුනීසියාවේ ජනාධිපති Joko Widodo සැලසුම් කර ඇති බව එරට විදේශ අමාත්‍යාංශය බදාදා නිවේදනය කළේය.

 

නොවැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිතව ඇති ' Group of 20 ' හි සමුළුව සඳහා සහභාගී වන ලෙස රුසියානු ජනාධිපති Vladimir Putin සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy යන දෙදෙනාට ආරාධනා කිරීම සංචාරයේ අරමුණ ලෙස දක්වා තිබේ. 

 

Tokowi නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින ජනාධිපතිවරයා,  රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ විමෙන් පසුව දෙරටටම පැමිණෙන පළමු ආසියානු නායකයා බවට පත් වනු ඇති බව ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය Retno Marsudi වීඩියෝ මාධ්‍ය හමුවකදී පැවසීය.

Comments