2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී Tokyo නගරයේ සංක්‍රමණික මධ්‍යස්ථානයක බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමේදී සිදුවූ බවට සැකකෙරෙන තුවාල හේතුවෙන් 35 හැවිරිදි Andre Kussunoki නම් බ්‍රසීලියානු ජාතිකයෙකුට යෙන් 100,000 ක වන්දි මුදලක් ගෙවන ලෙස ටෝකියෝ දිස්ත්‍රික් අධිකරණය විසින් බ්‍රහස්පතින්දා දින රජයට නියෝග කර තිබේ .
අගනුවරට ඊසාන දෙසින් පිහිටි Ibaraki ප්‍රාන්තයේ Ushiku හි සංක්‍රමණ මධ්‍යස්ථානයකට ඔහුව මාරු කර යැවීමට නිලධාරීන් ගත් උත්සාහයේදී සිදුවූ ශාරීරික හිංසන හේතුවෙන් එයට විරුද්ධ වූ රැඳවියා ජපාන රජයට එරෙහිව නඩු පවරා ඇති අතර දිස්ත්‍රික් අධිකරණය විසින් රැඳවියාට විරැද්ධව භාවිතා කරන ලද ශාරීරික තහංචි නීති විරෝධී බවට තීන්දු කරමින් මෙලෙස වන්දි මුදලක් නියම කර ඇත.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී, සභාපති විනිසුරු Ryota Shimozawa කියා සිටියේ "මිනිත්තු අටක පමණ කාලයක් ඔහුගේ හිස බිමට තද කරගෙන සිටීම වැනි සංයමයකින් තොර වූවිට සිදුවූ අන්තරායන්, පැමිණිලිකරුට ඇති වූ මරණ බිය සහ මිනිසෙකු ලෙස ඔහුට ගරු නොකිරීම නිසා දැනෙන නින්දාව යන කරුණු සැලකිල්ලට ගනිමින් හානිය වන්දි ලැබීමට සුදුසු ලෙස සලකන බවයි" .