රජයේ අරමුදල් ලබා ගැනීමට අයදුම් කළ ජපාන විශ්ව විද්‍යාල


ජපන් විශ්ව විද්‍යාල කිහිපයක් රජයේ අරමුදල් ලබා ගනී

.

ජපානයේ විද්‍යාව හා තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ජපානයේ ජාතික විශ්ව විද්‍යාල, ලොව ඉහළම විශ්ව විද්‍යාල හා සම මට්ටමට ගෙන ඒම සඳහා රජය විසින් පිහිටුවන ලද යෙන් ට්‍රිලියන 10 අරමුදල  සඳහා අයදුම් කිරීමට මේ වනවිට විශ්ව විද්‍යාල 4 ක් සැලසුම් කර ඇති බව මෑතකදී සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 

 

Tohoku විශ්ව විද්‍යාලය, ටෝකියෝ කෘෂිකර්ම හා තාක්ෂණ විශ්ව විද්‍යාලය, Nagoya විශ්ව විද්‍යාලය සහ Osaka විශ්ව විද්‍යාලය යනු එම විශ්වවිද්‍යාලය 4 වන අතර ටෝකියෝ විශ්ව විද්‍යාලය සහ Kyoto විශ්ව විද්‍යාලය ඇතුළු තවත් ආයතන 27 ක් කියා සිටියේ තේරීම් ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු නිකුත් කිරීමෙන් පසු තමන් අයදුම් කිරීමට සලකා බලන බවයි. 

 

මැයි 18 වැනි දින පැවැති මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ සැසියකදී අරමුදල් සැපයීමට අදාළ පනත් කෙටුම්පතක් සම්මත කරන ලදී. ඒ අනුව මෙම මූල්‍ය වර්ෂයේදී අයදුම්පත් විවෘත කිරීමට නියමිතව ඇති අතර, 2024 මූල්‍ය වර්ෂයේ දී අරමුදල් බෙදා හැරීම ආරම්භ කරනු ලැබේ .

224 Views

Comments