WWII ගොඩබිම් සටනේ 77 වන සංවත්සරය සනිටුහන් කළ Okinawa ප්‍රාන්ත වැසියෝ


ඔකිනාවා වැසියන් දෙවන ලෝක යුද්ධයේ ගොඩබිම සටනේ සංවත්සරය සමරයි

.

ජපානයේ සහ එක්සත් ජනපද හමුදා අතර දෙවන ලෝක යුද්ධ සමයේ ඇතිවූ ප්‍රධාන ගොඩබිම් සටන අවසන් වීමේ 77 වන සංවත්සරය Okinawa වැසියන් විසින් බ්‍රහස්පතින්දා දින සනිටුහන් කළ අතර, එහි අනුස්මරණ උත්සවය අගමැති Fumio Kishida ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ .

 

දෙවන ලෝක සංග්‍රාමයේ අවසාන අදියරේදී 1945 වසරේ මාර්තු සිට ජූනි දක්වා ක්‍රියාත්මක වූ මෙම සටනේදී ජපානයේ සහ ඇමරිකාවේ හමුදාවන්ට අයත් සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 200,000කට අධික සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වූ අතර එවකට ප්‍රාන්තයේ පදිංචිව සිටි හතර දෙනෙකුගෙන් එක් අයෙකු සටනෙන් මිය ගිය බව පැවැසේ. 

 

Corona වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අඛණ්ඩව තුන්වන වසර සඳහාත් අවම ජනතා සහභාගිත්වයක් සහිතව පවත්වනු ලබන මෙම අනුස්මරණ උත්සවයට වසර තුනකට පසු පළමු වරට අගමැති Fumio Kishida මෙවර සහභාගී වන අතර දරුණු ගොඩබිම් යුද්ධයක් වූ Okinawa සටන ප්‍රාදේශීය සිවිල් වැසියන්ට විශාල හානියක් ගෙන දුන් බව අනුස්මරණ පුවරුවේ සටහන්ව ඇති නාම ලේඛනය මගින් ලෝකවාසීන්ට පෙන්නුම් කරනු ලබයි.

97 Views

Comments