දැන්වීමේ ඡායාරූපයට නොගැලපුණු ජපන් සුෂි දාමයේ අවන්හලක කේක් සැපයුම


ජපානයේ ප්‍රධාන අවන්හලක දැන්වීමක් සම්බන්ධව පාරිභෝගිකයෙකු පැමිණිලි කරයි

.

අවම වශයෙන් එක් පාරිභෝගිකයෙකු හෝ ශාඛා දාමයෙන් පිරිනැමෙන අතුරුපසක් එහි අලෙවිකරණ ඡායාරූපවලට සමාන නොවන බවට පැමිණිලි කිරීමෙන් පසුව ජපානයේ ප්‍රධාන අවන්හල් ජාලයක් වන Sushi දාමයේ මව් සමාගම විසින් අදාළ පාරිභෝගිකයාගෙන් සමාව අයැද සිටි බව වාර්තා වේ .

 

සීමාසහිත Food Life Companies Ltd. විසින් Osaka ප්‍රාන්තයේ පිහිටි Sushiro ගේ Green Tea සහ සිනිඳු ඝන ක්‍රීම් සහිත චොක්ලට් කේක් ඇණවුම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් "අපගේ ගනුදෙනුකරුවන්ට සිදු වූ අපහසුතාවය සම්බන්ධයෙන් අපි සමාව අයදිමු" යනුවෙන් කියා සිටියේය. 

 

Sushiro අලෙවිකරණ දාමය විසින් ඉදිරිපත් කර ඇති කේක් ඇණවුම හරිත තේ කුඩු ඉසින ලද ඝන, සිනිඳු ක්‍රීම් තට්ටුවක් මගින් සහ එහි සියලු කොටස් තුනී ප්ලාස්ටික් පටලයකින් එකට තබා ආවරණය කර තිබිය යුතු වේ. ඇණවුම නිසියාකාරව පිළියෙල වී නම් ප්ලාස්ටික් පටලය ඉවත් කළ පසු, ක්‍රීම් ටික කේක් එක මතට ගලා යා යුතුය. නමුත් පැමිණිල්ලට හේතුවූ Hiroshima ප්‍රාන්තයේ අවන්හල මගින් පිරිනමන ලද ඇණවුම ගැටිති සහිත ක්‍රීම් වලින් ආවරණයව තිබූ අතර ප්ලාස්ටික් පටලයක් හෝ හරිත තේ කුඩු එහි තිබී නොමැත.

107 Views

Comments