වර්තමානයේදී ස්වීඩන් සන්නද්ධ හමුදා විසින් එක්සත් ජනපද හමුදා සමඟ ඒකාබද්ධ වූ යුධ පුහුණුවක් ආරම්භ කර ඇති අතර 58,000 ක පමණ ජනගහනයක් සිටින තම දිවයින ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පමණක් නොව, එය විදේශීය ආක්‍රමණිකයෙකුගෙන් ආපසු ගන්නේ කෙසේද පිලිබදව මෙහිදී ඔවුන්ට උගන්වනු ලබයි.
රුසියාවේ යුක්රේන ආක්‍රමණය හමුවේ වාර්ෂික BALTOPS අභ්‍යාසය ආරම්භ වී ඇති අතර NATO රටවල් 14 කින් මෙන්ම ස්වීඩනය සහ ෆින්ලන්තය ඇතුළු රටවලින් සමස්ථ හමුදා භටයින් 7,000 ක් සහ නැව් 45 ක් පමණ එයට සහභාගී වී තිබේ.
"මට ඇත්තටම ලෑස්තියි කියලා දැනෙනවා. මම කිව්වේ, අපි Gotland හි විශාල යෙදවීමක් කරලා තියෙනවා, අපි Gotland ආරක්ෂා කරනවා" යනුවෙන් දිවයිනේ රෙජිමේන්තු අණ දෙන නිලධාරියා වූ ස්වීඩන් කර්නල් Magnus Frykvall පැවැසීය.
එසේ වුවද, බොහෝ Gotland වැසියන් සිතන්නේ ස්වීඩනයට තනිවම තම දූපත ආරක්ෂා කිරීමට නොහැකි වනු ඇති බවයි. "අපව ආක්‍රමණය කළහොත්, අපගේ ආරක්ෂාව ඉතා කුඩා බැවින් අපට අවස්ථාවක් නොලැබෙනු ඇත. අපට සැබවින්ම නවීන හා හොඳ ආරක්ෂාවක් ඇත, නමුත් එය ඉතා කුඩා ය" යනුවෙන් දිවයිනේ ප්ර්රධාන නගරය වූ Visby හි 33 හැවිරිදි සූපවේදියෙකු වන Lars Soderdahl ප්‍රකාශ කළේය.