Corona වසංගතයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ ඩිජිටල් උපාංග භාවිතා කරන සිසුන් සංඛ්‍යාව වැඩි වී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල් සිසුන් අතර පෙනීම ක්‍රමයෙන් පිරිහීම ආරම්භ වී ඇති බව වෛද්‍යවරුන් විසින් සොයාගැනීමත් සමඟ ජපානයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් දරුවන්ගේ සමීප පෙනීම සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා සිදුකළ ඇහිබැමිවල දිග සෙවීමේ සමීක්ෂණයේ ප්‍රතිඵල පසුගිය ජූනි 23 දින නිකුත් කර තිබේ.
අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව අක්ෂීය දිග වැඩි වන තරමට පුද්ගලයාට අවිදුර දෘෂ්ඨිය ඇති බවට සොයාගෙන තිබේ. මෙහි අක්ෂීය දිග යනු ඇසේ ඉදිරිපස ඇති විනිවිද පෙනෙන ස්ථරයේ සිට දෘෂ්ටි විතානය දක්වා ඇති දුරයි. 2021 අප්‍රේල් සහ ජූනි අතර කාලය තුළදී රට පුරා ව්‍යාප්තව සිටින ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල් 26ක සිසුන් 7,400ක් පමණ ඉලක්ක කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් ටෝකියෝ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය විශ්ව විද්‍යාලයේ අක්ෂි වෛද්‍ය මහාචාර්ය Kyoko Ohono කියා සිටියේ "වයස සමඟ අක්ෂීය දිග වැඩි වන අතර, නවතම සමීක්ෂණයෙන් පෙන්නුම් කර ඇත්තේ ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල් සිසුන්ගේ අප සිතුවාට වඩා දිගු අක්ෂීය දිගක් වර්ධනය වී ඇති බවයි".
වර්තමානයේදී පාසල් දරුවන්ට ඩිජිටල් උපාංග භාවිතා කිරීමට ඇති අවස්ථාවන් ඉතා ඉහළ බැවින්, දරුවන්ගේ ඇස් පෙනීම දුර්වල වීම වැළැක්වීම සඳහා නව සොයා බැලීම් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවසාන වශයෙන් කියා සිටියේය .