කැස්බෑ අනතුරු වැළැක්වීම වෙනුවෙන් Narita ගුවන් තොටුපළේ ක්‍රියාත්මක කළ මෙහෙයුම


කැස්බෑ අනතුර වැලැක්වීමට Narita ගුවන්තොටුපල ක්‍රියාමාර්ග ගනී

.

කැස්බෑවන් ධාවන පථවලට පැමිණීම වළක්වා ගැනීම සහ ඒ හේතුවෙන් ගුවන් යානා වල ගමනාගමනයට සිදුවන බාධා අවම කර ගැනීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට Tokyo නගරයේ නැගෙනහිර Narita ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් වලදී කැස්බෑවන් 144 දෙනෙකු අල්ලාගෙන ඇති බව වාර්තා වේ. 

 

Narita International Airport Corp. විසින් කැස්බෑවන් සිය ගණනක් ගුවන් තොටුපල භූමිය තුළ ජීවත් වන බවට ඇස්තමේන්තුගත කර ඇති බැවින් බහුතර කැස්බෑවන් ප්‍රමාණයක් අල්ලා ගන්නා තුරු ඔක්තොම්බර් අග දක්වා මෙහෙයුම් අඛණ්‌ඩවම සිදු කරගෙන යාමට සමාගම අදහස් කරනු ලබයි. 

 

2021 සැප්තැම්බර් මාසයේදී එක් කැස්බෑවෙකු නොසිතූ අයුරින් ගුවන් තොටුපලේ ධාවන පථයකට ඇතුල් වීම හේතුවෙන් All Nippon Airways Co. හි  Superjumbo මගී ජෙට් යානයේ ගමනාරම්භය ප්‍රමාද වූ අතර යළි එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙලෙස කැස්බෑවුන් ඇල්ලීමේ මෙහෙයුම දියත් කරන ලදී.

194 Views

Comments