Corona ව්‍යාප්තියේ පළමු වසර තුළදී  මිලියන 20 ක ජීවිත බේරා දුන් COVID එන්නත්


Covid එන්නත් ජනතාවගේ දිවි ගලවා ගනී

.

මීට වසර දෙකකට පෙර ආරම්භ වූ COVID-19 ව්‍යාප්තියේ පළමු වසර තුළදී Corona වෛරස ප්‍රතිරෝධී එන්නත් මගින් මිලියන 20 කට ආසන්න ලෝකවාසී ජනතාවගේ ජීවිත බේරා ගත් නමුත් එන්නත්කරණය සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර ඉලක්ක වෙත ළඟා වූයේ නම් වඩා වැඩි මරණ ප්‍රමාණයක් වළක්වා ගත හැකිව තිබූ බව පර්යේෂකයන් විසින් බ්‍රහස්පතින්දා වාර්තා කරන ලදී .

 

"මෙම එන්නත් ලබාදීමේ ප්‍රයත්නය දිගින් දිගටම සිදුවන්නක් වුව ද කාලයක් මුළුල්ලේ අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් රැක  ගැනීමට එමගින් හැකි වූ බව" නව ආකෘති අධ්‍යයනයට නායකත්වය දුන් ලන්ඩනයේ Imperial විශ්වවිද්‍යාලයේ Oliver Watson මහතා පැවසීය.

 

පර්යේෂකයන් මෙහිදී රටවල් 185 ක දත්ත ගණනය කිරීම් සදහා භාවිතා කර ඇති අතර  ඉන්දියාවේ COVID-19 මරණ මිලියන 4.2 ක්, එක්සත් ජනපදයේ මිලියන 1.9 ක්, බ්‍රසීලයේ මිලියන 1 ක්, ප්‍රංශයේ 631,000 ක් සහ එක්සත් රාජධානියේ 507,000 ක් එන්නත්කරණය මගින් වළක්වා ගැනීමට හැකි වූ බව Lancet Infectious Diseases සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනය මගින් හෙළි වී තිබේ.

123 Views

Comments