සපෝරෝ හි සාප්පු සංකීර්ණයකට බෝම්බ තර්ජනයක් ලැබීමෙන් පසු ඉරිදා දින පැය කිහිපයකට එහි සිටින පාරිභෝගිකයින් එම ස්ථානයෙන් ඉවත් කරන ඇත.
පොලිසි පවසන පරිදි දහවල් 12:20 ට පමණ පුද්ගලයෙක් කතා කර හිගාෂි වෝඩ් හි ඇරියෝ සපෝරෝ හි බෝම්බයක් තබා ඇති බව පවසා ඇත. මෙය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ගනුදෙනුකරුවන් සහ සේවකයින් දහස් ගණනක් වෙළඳ සංකීර්ණයෙන් ඉවත් කිරීමෙන් පසු එය සෝදිසි කිරීම ආරම්භ කර ඇත.
එහිදී සැක කටයුතු භාණ්ඩ කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසා ඇත. ඇරියෝ සපෝරෝ හි ප්රකාශකයෙකු පවසා ඇත්තේ පරීක්ෂා කිරීමෙන් පැය 3 1/2 කට පමණ පසු වෙළඳ සංකීර්ණය නැවත විවෘත කළ බවයි.