සංචාරක බෝට්ටුවෙන් අතුරුදහන් වූ පුද්ගලයන් දෙදෙනෙකුගේ මළසිරුරු හදුනා ගැනේ


Kazu1 සංචාරක බෝට්ටුවෙන් අතුරුදහන් වූ මල සිරුරු DNA පරීක්ෂණ සදහා යොමුකෙරේ

.

Kunashiri දූපතේ තිබීයදී සොයා ගත් මළ සිරුරු දෙකෙන් ලබාගත් DNA යොදාගනිමින් සිදුකළ පරීක්ෂණයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ Hokkaido ඔබ්බෙන් වූ මුහුදේදී ගිලී ගිය Kazu I සංචාරක බෝට්ටුවේ අතුරුදන්ව සිටි මගීන් දෙදෙනෙකුගේ DNA දත්ත වලට ගැලපී ඇති බවට රුසියාව දැනුම් දුන් බව ජපානයේ වෙරළාරක්ෂක නිලධාරියායෙකු සිකුරාදා දින ප්‍රකාශ කළේය. 

 

මෙම සිරුරු දෙක 27 හැවිරිදි Akira Soyama ගේ සහ අතුරුදන්වූ ඉතිරි 12 දෙනා අතර සිටි තවත් කාන්තාවගේ බවට විශ්වාස කෙරේ.

 

මැයි 10 වන දින Kunashiri දූපතේ බටහිර වෙරළ තීරයේ තිබී කාන්තාවගේ සිරුර සොයා ගැනීමට හැකිවූ අතර දින නවයකට පසුව Soyama ගේ බවට ඇඟවෙන රියදුරු බලපත්‍රයක් සහිත තවත් මළ සිරුරක් ඒ අසලම ප්‍රදේශයේ තිබී සොයා ගැනීමට නිලධාරීන් සමත් වී තිබිණි.

109 Views

Comments