ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇතිවන පුළුල් විෂමතාවය


ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ලොව පුරා ජීවීන්ට අහිතකර ලෙස බලපායි

.

මෑතකදී සිදුකරන ලද නවතම අධ්‍යයනයක් මගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ලොව පුරා ව්‍යාප්තව සිටින ජනතාවගේ රාත්‍රී නින්ද කෙටි විය හැකි බවත් එමඟින් සෞඛ්‍ය අවදානම් ඉහළ යා හැකි බවත් හෙළිවී තිබේ. මෙහිදී විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී රටවල වයෝවෘද්ධ වැඩිහිටියන්, මැදි වයසේ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් එවැනි රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ මට්ටමක පවතී. 

 

One Earth සඟරාව විසින් මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ලෝක ව්‍යාප්ත අධ්‍යයනය මගින් , උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇතිවන දේශගුණික විපර්යාස අවම කරගැනීමට අවශ්‍ය පියවර නොගතහොත් , ඵලදායිතාවයේ සහ සෞඛ්‍යයේ ගෝලීය විෂමතා තවදුරටත් වර්ධනය විය හැකි බවට පර්යේෂකයන් අනතුරු අඟවා ඇත .

 

නින්ද නොයාම හේතුවෙන් ප්‍රජනන ක්‍රියාකාරිත්වය අඩුවීම, දෛනික ක්‍රියාකාරකම් වල ඵලදායිතාව අඩුවීම, ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය අඩපණ වීම, හෘද වාහිනී පද්ධතියේ අහිතකර ප්‍රතිඵල ඇතිවීම , මානසික අවපීඩනය ඇතිවීම , දරාගත නොහැකි කෝපය නිසා  සියදිවි නසාගැනීම් වැනි හැසිරීම් මතුවීම වැනි තත්ත්වයන් උද්ගත විය හැකි බවට අධ්‍යයනයේ නිරත වූ පර්යේෂකයන් අදහස් පළ කර තිබේ.

156 Views

Comments