ජපාන කොවිඩ් කමිටුවේ නව නිර්දේශ ..


පවතින ඔමික්‍රොන් වෛරස ව්‍යාප්තිය හමුවේ ජපාන කොවිඩ් මර්දන කමිටුවේ ...

.

පවතින ඔමික්‍රොන් වෛරස ව්‍යාප්තිය හමුවේ ජපාන කොවිඩ් මර්දන කමිටුවේ නව නිර්දේශ ඔවුන් ජපන් රජයට බාරදී තිබෙන බව සැලවේ.

 

ඒ අනුව අනෙකුත් පාලන ප්‍රදේශ 18ක් වෙත අර්ධ හදිස්සි තත්වය පැනවීමට ඔවුන් නිර්දේශ කර ඇත. දැනටමත් පවතින පාලන ප්‍රදේශ ඇතුළුව සියලුම අර්ධ හදිස්සි පාලන ප්‍රදේශ තුළ එම තත්ත්වය ලබන පෙබරවාරි 20 වන දින දක්වා බලපැවැත්වෙන බව ඔවුන් නිවේදනය කර සිටී. මේ අනුව ජපානයේ මුළු පාලන ප්‍රදේශ 47න් 34 ක් ඉතා දැඩි සංචාර සීමා යටතේ පාලනය වීමට නියමිතයි.

655 Views

Comments