පිළිකා සඳහා  ප්‍රතිදේහ ප්‍රතිකාර වෙනුවෙන් සිදුකරනු ලබන ආයෝජන ඉහළ යයි


පිළිකා වැළැක්වීමේ ප්‍රතිදේහ වෙනුවෙන් ආයෝජනය ඉහල යයි

.

ප්‍රතිදේහ ප්‍රතිකාර මගින් පිළිකා සහ අනෙකුත් බොහොමයක් රෝග සඳහා ප්‍රතිදේහජනක ප්‍රතිකාර ක්‍රමවේදයන් ලබා දීම සිදුකරන අතර වසර 20කට වැඩි කාලයකට පසු ප්‍රථම වරට ප්‍රතිකාර ක්‍රමය වාණිජකරණය වීම සහ ක්ෂේත්‍රයේ නව අත්හදා බැලීම් සදහා සිදුකරනු ලබන ආයෝජන ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ යාම සිදුව තිබේ. 

 

ප්‍රතිදේහ යනු ප්‍රතිදේහජනක ලෙස හඳුන්වන ආගන්තුක ද්‍රව්‍ය හඳුනා ගන්නා ප්‍රෝටීන වන අතර මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෙසු කොටස් දැනුවත් කිරීම සඳහා ඒවාට සම්බන්ධ වෙමින් සිය දායකත්වය ලබා දීම එමගින් සිදු කරනු ලබයි. 

 

1975 දී Georges Koehler සහ Cesar Milstein යන විද්‍යාඥයින් දෙදෙනා විසින් රසායනාගාරය පරීක්ෂණ මගින් ප්‍රතිදේහ නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව සොයා ගත් අතර පසුව ඔවුන්ට ඒ සඳහා වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් වූ වසරේ නොබෙල් ත්‍යාගය හිමි විය. 

 

මෑත කාලයේදී Daiichi Sankyo සහ AstraZeneca යන ඖෂධ කණ්ඩායම් විසින් නිපදවන ලද ප්‍රතිදේහ වර්ගයක් යොදා ගනිමින් සිදුකළ සායනික පරීක්ෂණය දත්ත වාර්තාව මේ මාසයේ Chicago හි පවත්වනු ලැබූ American Society of Clinical Oncology වාර්ෂික සම්මේලනයට සහභාගී වූ ප්‍රමුඛ පෙළේ පිළිකා විශේෂඥයින්ගේ අවධානයට ලක් වීම සිදුවිය .

 

පිළිකාවට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිදේහ විවිධ ආකාරවලින් භාවිතා කළ හැකි අතර ඒවාට පිළිකා සෛල නිපදවීමට අවශ්‍ය ප්‍රෝටීන ඉලක්ක කර විනාශ කිරීමට හෝ සෛලයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය නියාමනය කිරීමට ක්‍රියා කළ හැකිය.

133 Views

Comments