රුසියානු හමුදා නැගෙනහිර යුක්‍රේනයේ 2වැනි නගරයත් අවහිර කිරීමට සැරසෙයි 


රුසියාව තව තවත් යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසෙයි

.

යුක්‍රේනයේ Sievierodonetsk  නගරයට සිදුකළ නිර්දය ප්‍රහාරය හමුවේ සති කිහිපයක් පුරාවටම පැවැති දරුණු සටන් වලින් අනතුරුව යුක්‍රේන හමුදා නගරයෙන් පසුබැසීම ආරම්භ වීමත් සමඟ රුසියානු හමුදා විසින් Sievierodonetsk  නගරයට දකුණෙන් පිහිටි නැගෙනහිර යුක්‍රේන නගරයක් වන Lysychansk අවහිර කිරීමට උත්සාහ කරමින් සිටින බව Luhansk කලාපයේ ආණ්ඩුකාර Serhiy Haidai ෆේස්බුක් සටහනක් තබමින් සෙනසුරාදා ප්‍රකාශ කළේය.

 

යුක්‍රේන හමුදාවන් සති ගනනාවක් පුරාවට ක්‍රියාත්මක වූ නිර්දය ප්‍රහාර සහ ගෙයින් ගෙට සිදුවූ සටන් විඳ දරා ගැනීමට නොහැකිව  Sivierodonetsk වෙතින් පසුබැසීමට පටන් ගෙන ඇති බව Haidai සිකුරාදා පැවසීමෙන් පසුව, හමුදා විශ්ලේෂක Oleg Zhdanov පැවසුවේ සමහර හමුදා ඛණ්ඩ Lysychansk වෙත ගමන් කරමින් සිටින බවයි.  

 

නැගෙනහිර යුක්රේනයේ Donbas කලාපය මුළුමනින්ම අල්ලා ගැනීම සහ එය ආරක්ෂා කරන යුක්‍රේන හමුදා භටයින් විනාශ කිරීම ඉලක්ක කරගත් රුසියානු ප්‍රහාරයේ කේන්ද්‍රස්ථානය බවට Sivierodonetsk සහ Lysychansk නගර පත්ව ඇති අතර රටේ සන්නද්ධ හමුදාවන්ගේ වඩාත්ම දක්ෂ හා සටන්-දැඩි කොටස එහි රැදී සිටීම එයට හේතුවයි.

157 Views

Comments