අධිවේගී මාර්ගය ඉවත් කිරීමත් සමඟ ආලෝකය ට විවෘත වූ Nihombashi පාලම 


Nihombashi පාලම විවෘත වේ.

.

Tokyo නගරයේ ජාතික සංස්කෘතික දේපලක් වන ඓතිහාසික Nihombashi පාලමට ඉහළින් ඉදිකර තිබෙන අධිවේගී මාර්ගය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ වැඩ කටයුතු ආරම්භ වීමත් සමඟ 2040 මූල්‍ය වර්ෂයේ සිට නැවත වරක් පාලම දිවා ආලෝකයට විවෘත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

 

යෙන් බිලියන 320ක පිරිවැයක් යටතේ අලුත් කෙරෙන ව්‍යාපෘතියක කොටසක් වශයෙන් භූගතව නැවත හරවා යවනු ලබන, ඉහළ අධිවේගී මාර්ගය ඉවත් කිරීමේ කටයුතු නැරඹීම සඳහා Metropolitan Expressway Co. විසින් සිකුරාදා දින මාධ්‍යය වෙත අවස්ථාව ලබා දී තිබේ. 

 

2041 මාර්තු වන විට මෙට්‍රොපොලිටන් අධිවේගී මාර්ගයේ උඩ පාලම ඉවත් කිරීමට නියමිතව ඇති අතර ඒ වෙනුවට ප්‍රදේශයේ කිලෝමීටර් 1.1 ක භූගත උමං මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ .

127 Views

Comments