විදේශීය මූලයන් සහිත දරුවන් ආදරණීයව බලාගැනීමේදී උද්ගතව ඇති අර්බුදකාරී ස්වභාවය


ජපාන දිවා සුරකුම් මධ්‍යස්ථාන වල දරුවන් රැකබලාගැනීමේ ගැටලු මතුවේ

.

බටහිර ජපානයේ Kobe ප්‍රාන්තයේ වරාය නගරයේ පිහිටා තිබෙන දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලින්  61.2% කට පමණ විදේශීය මූලයන් සහිත දරුවන් ඇතුළත් වී සිටියද සත්‍ය ලෙසම ඔවුන් ආදරයෙන්, කරුණාවෙන් රැකබලා ගැනීමට, ඔවුන් පිළිගැනීමට සූදානම්ව සිටින්නේ 5.1%ක තරම් දිවා සුරැකුම් මධ්‍යස්ථාන කීපයක් පමණක් බව කර්මාන්ත සංවිධානය මගින් පසුගියදා සිදුකළ සමීක්ෂණයකදී හෙළි වී ඇත .

 

මෙම සමීක්ෂණයේ ප්‍රධානියා වූ පෙර පාසල් ගුරුවරියක් වන 44 හැවිරිදි Ichiho Takemoto අදහස් දක්වමින් කියා සිටියේ "දිවා සුරැකුම් මධ්‍යස්ථානයට වෙනත් රටවල සිට සම්බන්ධ කරගන්නා දරුවන් හට කුමක් කළ යුතු දැයි කිසිදු අදහසක් නොමැතිව භාර ගන්නා බැවින්, ඔවුන් වඩ වඩාත් වෙහෙසට පත් වන" බවයි. 

 

ජපන් භාෂාවෙන් සුරැකුම් මධ්‍යස්ථානයේ භාරකරුවන් සමඟ සන්නිවේදනය කිරීමට නොහැකි වීම, ආගමික හේතූන් මත දරුවන්ට විශේෂිත ආහාර ලබා දීමෙන් වළකින ලෙස ඉල්ලා සිටීම සහ පිරිමි සේවකයින් ගැහැණු ළමයින් කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදක්වන බවට වග බලා ගන්නා ලෙස ඉල්ලා සිටීම ඇතුළු විශේෂයෙන් දුෂ්කර තත්වයන් පිළිබඳව සලකා බැලීමට සිදුවීම මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමට හේතු වී තිබේ .

Comments