ලංසුකරුවන් සහ ප්‍රේක්ෂකයන් පුදුමයට පත් කරමින් අලෙවි වූ චෙරි ගෙඩිය


ජපාන වෙන්දේසියකචෙරි ගෙඩියක් ඉහළ මිලකට අලෙවි වේ

.

ජුනි 25 වන දින Aomori ප්‍රාන්තයේ Hachinohe හිදී පැවැති වසරේ පලමු චෙරි වෙන්දේසියේදී ලංසුකරුවන් සහ එම ස්ථානයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින් පුදුමයට පත් කරමින් ජපානයේ වගා කරන විශාලතම චෙරි වර්ගයක් වන දිලිසෙන, තද රතු පාට Juno Heart චෙරි ප්‍රභේදයේ තනි චෙරි ගෙඩියක් යෙන් 40,000 ක මුදලකට අලෙවි වී ඇති බව වාර්තා වේ. 

 

Aomori ප්‍රාන්තයට අනුබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් විසින් ඉහළ මට්ටමේ තෑගි භාණ්ඩයක් ලෙස සංවර්ධනය කරන ලද මෙම ප්‍රභේදයේ පෙට්ටි 50ක් පමණ වෙන්දේසිය සදහා ඉදිරිපත් කර තිබිණි. 

 

මෙහිදී Juno Heart ප්‍රභේදයේ චෙරි ගෙඩියක් වීමට නම් අත්‍යාවශ්‍ය ප්‍රමිතීන් කිහිපයක් සපුරාලීය යුතු වන අතර අංශක -20 ක සීනි අන්තර්ගතයක් තිබීම සහ විෂ්කම්භය 2.8 Cm ට වැඩි වීම මූලික වේ. Juno Hrart චෙරි ප්‍රභේදයේ අවම වශයෙන් 3.1 Cm ක විෂ්කම්භයක් සහිත වන ඒවා පමණක් Aomori Heartbeat ලෙස හඳුන්වනු ලබන අතර ඒවා බෝගයේ තේරීම් සාධකය වේ. 

 

මේ වසරේ පැවැති වෙන්දේසියේදී Aomori Heartbeat ප්‍රභේදයේ චෙරි ගෙඩි 15ක් ඇතුළත් කර තිබූ චෙරි පෙට්ටියක් පසුගිය වසරේ යෙන් 450,000 ක්‌ ලෙසින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙලමින් යෙන් 600,000කට අලෙවි වී ඇති අතර Chiba ප්‍රාන්තය පදනම් කරගත් Nagatsuka Seika සමාගම එහි සාර්ථක ලංසුකරු විය.

119 Views

Comments