Tamagawa ප්‍රදේශයේ දන්ත සායන ඉලක්ක කරගනිමින් සොරකම් මාලාවක්


පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

.

Tokyo මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ Tamagawa පොලිස් ස්ථානය මගින් දන්ත සායන ඉලක්ක කර ගනිමින් සිදු වූ සොරකම් මාලාවක් පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.

17 වැනිදා අලුයම 3.15 ට පමණ සෙටගායා වෝඩ්හි යෝගා ප්‍රදේශයේ දන්ත සායනයකට සැකකටයුතු පුද්ගලයකු කඩා වැදී සිටියදී ආරක්‍ෂක ආයතනයකින් 110ට ඇමතුමක් ලැබිණි.  තමගාව පොලිසිය වහා එම ස්ථානයට යනවිට ඉදිරිපස දොර කඩා කාමරය තුළ තිබූ සේප්පුවේ තිබූ යෙන් ලක්ෂ 2ත් 3ත් අතර මුදලක් සොරාගෙන ගොස් තිබුණි.  

එම ප්‍රදේශයේ ම පසුගිය 15 වැනිදා සිට 17 වැනිදා දක්වා දන්ත සායන ඉලක්ක කර ගනිමින් තවත් සොරකම් දෙකක් සිදුවී ඇති අතර එයින් යෙන් ලක්ෂ 10ක පමණ අලාභහානි සිදුවී ඇත. 

 

80 Views

Comments