Toyota සමාගමේ තවත් සැපයුම් අංශයකට සයිබර් ප්‍රහාරයක්


Toyota සමාගමට තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි

.

ජපානයේ Toyota මෝටර් රථ සමාගමේ ප්‍රධාන සැපයුම්කරුවන් කිහිපදෙනෙකු පීඩාවට පත් කරමින් පසුගිය කාලවලදී එල්ල වූ සයිබර් ප්‍රහාර වලින් තවමත් ඔවුන්ට නිදහස් වීමට නොහැකි වී ඇති බව ආසන ආවරණ සඳහා රෙදි නිපදවන Toyota Boshoku Corp හි අනුබද්ධිත TB Kawashima සමාගම විසින් තායිලන්තයේ පිහිටි තම විකුණුම් සමාගමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පසුගියදා නිකුත් කළ නිවේදනය මගින් පිළිඹිබු කෙරේ .

 

සයිබර් ප්‍රහාරයෙන් කම්හලේ දෛනික මෙහෙයුම්වලට කිසිදු බලපෑමක් සිදු නොවූ නමුත් සේවකයින්ගේ සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ දත්ත ගොනු සොරකම් කර ඇති බව සමාගම ප්‍රකාශ කළේය .

 

පරිඝනක මෘදුකාංග යොදාගනිමින් තර්ජන සංවිධානය කිරීම සඳහා ප්‍රසිද්ධව සිටින ජාත්‍යන්තර අපරාධ කණ්ඩායමක් වන LockBit විසින් ජුනි 18 වන දින ප්‍රහාරයේ ගෞරවය ලබා ගනිමින්  පණිවිඩයක් පළ කර ඇති අතර Thai විකුණුම් සමාගමේ සේවකයෙකුට එහි පරිගණකයක් තුළ තිබී කප්පම් ඉල්ලීමක් හමුව ඇති නමුත් පසුව එය ප්‍රහාරකරුවන්ගේ ප්‍රධාන ජාලයෙන් වසා දමා ඇති බව තායිලන්ත පොලිසිය සදහන් කළේය.

 

Toyota මූලස්ථානයේ මෙන් අනෙකුත් සැපයුම් සමාගම් වල සුපරීක්ෂාකාරීත්වය දැඩි නොවීම නිසා හැකර්වරුන් විසින් මෙවැනි විදේශීය සමාගම් හෝ අනුබද්ධ ආයතන ඉලක්ක කර ගෙන ඇති බවට සිදුවිම් මාලාව සම්බන්ධයෙන් දැනුමක් සහිත විශේෂඥයෝ අදහස් පළ කළහ.

171 Views

Comments