යතුරුපැදිකරුවන් සමග ඇති කරගත් කලහ හේතුවෙන්  හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට


හැත්තෑ හැවිරිදි  Kazuharu Okamoto නම්  වූ  Aichi ප්‍රාන්ත වාසියා මේ වන විට අපරීක්ෂාකාරී වාහන ධාවනය හේතුවෙන්

.

හැත්තෑ හැවිරිදි  Kazuharu Okamoto නම්  වූ  Aichi ප්‍රාන්ත වාසියා මේ වන විට අපරීක්ෂාකාරී වාහන ධාවනය හේතුවෙන්  චෝදනා ලැබ සිටින අතර  යතුරුපැදිකරුවන් දහ දෙනෙක් සමඟ ඇතිවූ කලකදී ඔහුගේ මුහුණට සිදු වූ තුවාලවලින් සුව වෙමින් පවතී . ඔහු ප්‍රවාහන සමාගමක සභාපතිවරයෙක් ද වේ.

 

පසුගිය ජනවාරි 4වැනිදා  හන්ඩා නගරයේ ගමන් ගනිමින් සිටියදී  ඔහුට ඉදිරියෙන් ගමන් කළ  යතුරුපැදි කරුවන් නිසා  ඔහුට රිසි පරිදි මාර්ගයේ ධාවනය කිරීමට නොලැබීම හේතුවෙන් කෝපයට පත් මෙම පුද්ගලයා  එම යතුරුපැදිකරුවන් හා ගැටුමකට මුල පුරා තිබේ.එහිදී සිදු වූ ගුටිබැට හුවමාරුවක දී මොහුගේ මුහුණට තුවාල වෙන පරිදි එක් යතුරුපැදිකරුවෙකු විසින් ප්‍රහාර එල්ල කර ඇත.

 

කෙසේ නමුත් ඉන් දින දහයකට පමණ පසුව  ඔහුගේම වාහනයේ dash කැමරාව හරහා  ලබාගත් තොරතුරු අනුව ඔහු අපරික්ෂාකාරී ලෙස වාහනය ධාවනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.

 

Comments