විකිරණවලින් වෛද්‍යවරුන් ආරක්ෂා කර ගැනීම සඳහා නව ආරක්ෂකයක් නිපදවයි


විකිරණ යොදා ගනිමින් සිදුකරන ශල්‍යකර්ම වල දී වෛද්‍යවරුන් ආරක්ෂා කිරීමට නව තාක්ෂණයක් සොයා ගනී

.

ජපානයේ Aichi ප්‍රාන්තයේ Kiyosu ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයෙකු වන MS Group Co. විසින් වැඩිදියුණු කරන ලද වාත්තු කිරිමේ තාක්ෂණය යොදාගනිමින් 'Catheterization සැත්කම්' එනම් 'කුහරයක් භාවිතයෙන් හෘදය තුළට නම්‍යශීලී බටයක් ඇතුළු කිරිමේ සැත්කම්' වලදී  භාවිතා කරනු ලබන  විකිරණවලට වෛද්‍යවරුන් නිරාවරණය වීම විශාල ලෙස අඩු කරන නවතම ආරක්ෂිත ආරක්ෂකයක් නිපදවා තිබේ.

 

"බොහෝ

Echocardiography වෛද්‍යවරුන් කාන්තාවන් වීම සහ ඔවුන් ගැබ් ගත් විට ළදරුවා පවා විකිරණ වලට ලක් වීම සිදුවන බැවින් ප්‍රධාන වශයෙන් ඔවුන්ට සිදුවන හානිය අවම කර ගැනීමට සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීමේ අරමුණින් නව අත්හදා බැලීම් ආරම්භ කළ බව "සමාගමේ සභාපති වූ 43 හැවිරිදි Kunihiro Sakoda කියා සිටියේය .  

 

සමාගමට අනුව, දළ වශයෙන් උසින් 180 Cm  සහ පළලින් 90 Cm වන පරිදි අලුතින් සංවර්ධනය කරන ලද ආරක්ෂිත ආරක්ෂකය මගින් සැත්කමේ පෙර පැවැති කාර්යක්ෂමතාවයම  පවත්වා ගන්නා අතර වෛද්‍යවරුන් විකිරණවලට නිරාවරණය වීම පෙර පැවැති මට්ටමෙන් දහයෙන් එකකට අඩු කරනු ලබයි. 

 

මෙම තහඩුවේ භාවිතා කරනු ලබන ඊයම් මගින් විකිරණවලින් ආරක්ෂාවක් ලබාදෙන අතරම , අවම විකිරණ නිරාවරණයක් යටතේ සැත්කම් සිදු කිරීමට හැකි වන පරිදි විවරයක් තබා තිබේ. වෛද්‍යවරුන්ට විවරය හරහා තම දෑත් පහසුවෙන් රෝගියා වෙතට දිගු කළ හැකි වන අතර විවරයේ උස වෛද්‍යවරයාගේ ශරීරයේ මානයන් අනුව සකස් කළ හැකි වේ .

115 Views

Comments