ටොයෝටා Restart වෙයි...


ඊයේ දින සම්පූර්ණ ලෙසම වසා දැමුණු ටොයෝටා කර්මාන්තශාලා අංගන සහ....

.

ඊයේ දින සම්පූර්ණ ලෙසම වසා දැමුණු ටොයෝටා කර්මාන්තශාලා අංගන සහ කාර්යාල සියල්ල නැවත පුරුදු පරිදි ආරම්භ කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ටොයෝටා හි ප්‍රධානම සැපයුම්කාර  සමාගමක් වෙත එල්ලවූ  හැකර් ප්‍රහාරයක් හේතුවෙන් ඇතිවූ අවදානම මත ටොයෝටා සමාගමේ නිෂ්පාදන අංශ දාහතරක් ඇතුළු සමස්ත ජපානයේ ම පිහිටි කාර්යාල විශාල සංඛ්‍යාවක් ඊයේ සවස සිට වසා දැමීමට තීරණය කර තිබුණි. නිෂ්පාදන අංශ වසා දමා තිබූ මෙම දින එක හමාරක කාලය තුළ සමාගමට සිදු වූ පාඩුව, වාහන දහතුන් දහසක් (13000) සහ 5%ක් ලෙස ගනන් බලා තිබේ.

184 Views

Comments